ටොයෝටා ලංකා සමාගම වෙතින් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කාර්මික ශිල්පීන් සඳහා තාක්ෂණික වැඩමුළුවක්
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය යටතේ, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කාර්මික ශිල්පීන් සඳහා වූ දෙදින තාක්‍ෂණික වැඩමුළුවක් 2026 මැයි මස 07 සහ 08 යන දිනයන්හි වත්තල ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගමේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන මගින් සහභාගී වූවන් වෙත නවීන මෝටර් රථ පද්ධති පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායික දැනුම ලබාදුන් අතර, ඒ යටතේ Electronic Fuel Injection, OBD Scanning Tools භාවිතයෙන් වාහන දෝෂ විනිශ්චය කිරීම, වාහන නඩත්තු කිරීමේ ක්‍රියා පටිපාටි සහ Common Rail Fuel Injection පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මෙම වැඩමුළුව දේශන, ප්‍රායෝගික නිදර්ශන සහ වැඩපොළ නිරීක්ෂණ චාරිකාවලින් සමන්විත වූ අතර, එමගින් සහභාගී වූ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කාර්මික ශිල්පීන්ගේ තාක්ෂණික නිපුණතා වර්ධනය කිරීමටත්, නවීන වාහන නඩත්තු කිරීමේ සහ දෝෂ විනිශ්චය කිරීමේ ක්‍රමවේද පිළිබඳ ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමටත් අවස්ථාව හිමිවිය.