2026-06-06
මූලික ආපදා ප්‍රතිචාර පාඨමාලා අංක 30 සාර්ථකව අවසන්
මූලික ආපදා ප්‍රතිචාර පාඨමාලා අංක 30 ගම්පොළ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේදී 2026 අප්‍රේල් මස 22 දින සිට ජුනි මස 03 දින දක්වා පවත්වනු ලැබීය.
නිලධාරීන් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 179 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව නිම කරනු ලැබීය.
උත්සවයේ සමාප්ති දේශනය ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.එම්.එම්. දිසානායක RWP විසින් පවත්වන ලදී.
මෙම අවස්ථාවට එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් ඩබ්ලිව්.එම්. සමන්ත, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.