පුහුණු

බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව - 89 (2025/II) මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති සහතික ප්‍රදානෝත්සවයකින් 2025 නොවැම්බර් මස 08 දින අවසන් විය.


මූල්‍ය කළමනාකරණය පිළිබඳ දේශනයක් රණවිරු සම්පත් කේන්ද්‍රය විසින් 2025 නොවැම්බර් මස 12 දින එම කඳවුරු භූමියේදී නිලධාරින් සහ සෙසු නිලයන් සඳහා පවත්වන ලදී.


භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා 2025 නොවැම්බර් මස 04 දින එක්දින වැඩමුළුවක් පවත්වන ලදී.


ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 57, හි සහතිකපත්‍ ප්‍රදානෝත්සවය 2025 ඔක්තෝබර් මස 28 දින අම්පාර, සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.


විදුලි කාර්මික, දැව ශිල්පීන් (ගොඩනැගිලි) සහ ඉදිකිරීම් ශිල්පීන් (පෙදරේරු) සඳහා වන ජාතික වෘත්තීය සුදුසුකම් III මට්ටමේ (NVQ Level III) සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය 2025 ඔක්තෝබර් මස 17 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.සී.එස් ජාගොඩ psc ගේ අධීක්ෂණය යටතේ පැවැත්විණි.


‘සන්නද්ධ හමුදා සාමාජිකයන් අතර මානසික සෞඛ්‍යය සහ සියදිවි නසාගැනීමේ උත්සාහයන් වැළැක්වීම’ යන මැයෙන් තෙදින වැඩමුළුවක් 2025 ඔක්තෝබර් මස 21 දින සිට 23 දින දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර හිදී සාර්ථකව පැවැත්විණි.

යුද්ධ හමුදා සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් නිලධ‍ාරින් සඳහා 2025 ඔක්තෝබර් මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේ බහුකාර්ය ශාලාවේදී ‘නිවැරදි තාක්‍ෂණික පිරිවිතරයන් සකස් කිරීම’ පිළිබඳව වැඩමුළුවක් පවත්වන ලදී.


බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරන ලද ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ආපදා අවස්ථාවකදී මුදාගැනීමේ මෙහෙයුම් පුහුණු අභ්‍යාසයක් 2025 ඔක්තෝබර් මස 16 දින පවත්වන ලදී. 2025 සැප්තැම්බර් මස 04 දින සිදු වූ ඛේදජනක බස්රථ අනතුරෙන් පසු ඉදිරියේදී සිදුවිය හැකි හදිසි අනතුරු සඳහා වන සූදානම සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම පුහුණු අභ්‍යාසය සිදු කරනු ලැබීය.


11 වන වරටත් පවත්වනු ලබන මිත්‍ර ශක්ති 2025 යුද අභ්‍යාසය 2025 නොවැම්බර් මස 9 දින සිට නොවැම්බර් මස 23 දින දක්වා ඉන්දියාවේ බෙල්ගාවි හිදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා, සහභාගි වන කණ්ඩායම සඳහා පූර්ව පුහුණු පාඨමාලාව නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේදී ආරම්භ වූ අතර, එම අවසථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.