21st April 2026
බුත්තල යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ 2026 පළමු කාර්තුව සඳහා පවත්වනු ලැබූ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක 16 සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක 35 සඳහා වූ උපාධි ප්‍රදානෝත්සවය 2026 අප්‍රේල් මස 10 වන දින එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීය. ඒ සඳහා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන්, බංග්ලාදේශයේ සහ පාකිස්ථානයේ විදේශීය නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව ශිෂ්‍ය නිලධාරීන් 143 දෙනෙකු සහභාගී වූහ. පාඨමාලාවන් අවසානයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.ආර්.එන්. සිල්වා RSP USP psc සහභාගී විය.
සහතිකපත් ප්‍රදානෝත්සවයේදී, ඉහළම දක්‍ෂතා දැක්වූ නිලධාරීන් වෙත සහතිකපත්‍ර සහ විශේෂ සම්මාන පිරිනමන ලදී.
ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 16
කුසලතා අනුපිළිවෙලින් ප්‍රථම ස්ථානය: මේජර් ආර්.ආර්.අයි රොද්‍රිගෝ psc, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
කුසලතා අනුපිළිවෙලින් දෙවන ස්ථානය: මේජර් එල්.කේ.කේ. පෙරේරා Lsc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
කුසලතා අනුපිළිවෙලින් තෙවන ස්ථානය: මේජර් කේ.ඒ.ඊ.එස්. කස්තුරිආරච්චි psc IG, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
හොඳම සේවා පත්‍රිකාව: මේජර් කේ.ඒ.ඊ.එස්. කස්තුරිආරච්චි psc IG, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
හොඳම සිද්ධි අධ්‍යයනය: මේජර් ඩී.ඒ.එන්.ඒ. දූවීරආරච්චි psc, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව
කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 35
කුසලතා අනුපිළිවෙලින් ප්‍රථම ස්ථානය: මේජර් එච්.එම්.එච් සේනාරත්න - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
කුසලතා අනුපිළිවෙලින් දෙවන ස්ථානය: මේජර් එම්.එම්.ජී මාබුලගේ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය කුසලතා අනුපිළිවෙලින් තෙවන ස්ථානය: මේජර් එච්.ජී.එස් විරංග - ඉංජිනේරු සේවා රෙජිමේන්තුව