16th April 2026
සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මඟින් පවත්වනු ලැබූ කල්ලි මර්ධන භඨ කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලාව - හයිටි 2026 අප්‍රේල් මස 10 වන දින අවසන් කරන ලදී.
2026 පෙබරවාරි මස 23 වන දින ආරම්භ වූ මෙම පාඨමාලාව අදියර තුනක් යටතේ ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත විය. ඒ අනුව කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී සහ විශේෂ බලකා පුහුණු පාසලේදී පුද්ගලික කුසලතා සංවර්ධන වැඩසටහන් පවත්වන ලදී.
පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවේදී සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක විසින් සමාප්ති දේශනය පවත්වන ලදී.