18th April 2026
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් එම අරමුදල පිළිබඳව යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 මාර්තු මස 24 වන දින එම බලකා දේශන ශාලාවේදී පවත්වන ලදී.
එහිදී, මෙම අරමුදලේ ප්‍රධාන ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කළ අතර, සහභාගිවන්නන්ට ප්‍රශ්නෝත්තර සැසියක්ද පවත්වා එම ප්‍රථිලාභ ඵලදායී ලෙස කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී. එමෙන්ම, ආරක්‍ෂිත සහ සුවපහසු විශ්‍රාම වැටුපක් ලබාගැනීම සඳහා මුදල් නිසි ලෙස කළමණාකරනය කිරීමට සාමාජිකයින් දිරිමත් කරමින්, මෙම අරමුදලේ මෑත කාලීන යාවත්කාලීන කිරීම් සහ වැඩිදියුණු කිරීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.