21st April 2026
යුද්ධ හමුදා මූලස්ථානයේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් නවතමයෙන් හඳුන්වා දුන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධති හරහා වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2026 අප්‍රේල් මස 16 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
මෙහිදී ප්‍රධාන වශයෙන් යුද්ධ හමුදා නිලධාරීන් මෙතෙක් භාවිත කළ ලිපිගොනු මගින් කටයුතු කිරීමේ ක්‍රමය වෙනුවට, නවතමයෙන් හඳුන්වා දුන් විද්‍යුත් පද්ධතිය භාවිත කරන ආකාරය පිළිබඳව දැනුවත් කරමින් නව පද්ධතියට තොරතුරු ඇතුළත් කරන ආකාරය, අනුගමනය කළ යුතු නීති රීති සහ පද්ධතියේ ඇති ප්‍රධාන කාර්යයන් පිළිබඳව නිලධාරීන් දැනුවත් කරන ලදී.
මෙම වැඩමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 50 දෙනෙකු සහභාගී වූ අතර, යුද්ධ හමුදා කඳවුරුවල නිලධාරීන් 400 කට වැඩි පිරිසක් සූම් තාක්‍ෂණය හරහාද ඊට ප්‍රායෝගිකව සම්බන්ධ වූහ.