ගුවන් ප්‍රහාරක පුහුණු පාඨමාලා අංක : 31 සාර්ථකව අවසන්

ගුවන් ප්‍රහාරක පුහුණු පාඨමාලා අංක: 31 හි විසිර යාමේ පෙළපාලිය 2026 අප්‍රේල් මස 09 වන දින ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී පැවැත්විණි.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඒ.ටී. ගොඩේවත්ත RWP RSP, සහභාගී විය. නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 99 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව නිම කළහ.

පාඨමාලාවේ කැපී පෙනෙන දක්‍ෂතා අගයමින් පහත සඳහන් විශේෂ සම්මාන පිරිනමන ලදී:

දක්‍ෂතම වෙඩික්කරු - 1 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් බී.එම්.පී. එදිරිවීර.

හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබලා - 12 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.එන්.ඊ. ප්‍රේමචන්ද්‍ර.

දක්‍ෂතම ශිෂ්‍යයා - 1 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් බී.එම්.පී. එදිරිවීර.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.