කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක 109 අම්පාර සටන් පුහුණු පාසලේදී සාර්තකව අවසන්

කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක 109 හි විසිරයාමේ පෙළපාලිය සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2026 අප්‍රේල් මස 09 දින අම්පාර සටන් පුහුණු පාසලේදී පවත්වන ලදී.

අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ.සී.එස්. ද සිල්වා RSP ndc මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරීන් 54 දෙනෙකු මාස 03ක් පුරා පැවති මෙම පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී.

මෙහිදී පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස 2 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එච්.පී.ජේ.එන්. පතිරණ සම්මානයට පාත්‍ර විය.

මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරී, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.