05th December 2016 14:19:20 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 553 බලසේනාවේ භට පිරිස් විසින් මුරුතන්කෙර්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දමිල පාසල් ළමුන් 223 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ චාම් උත්සවයක් පලාලි තල්ලඩි රෝමානු කතෝලික දමිල මිශ්‍ර විද්‍යාලයේ දී පවත්වනු ලැබීය. මෙහිදී විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන මේජර් අරුණ පෙරේරා සහ ඔහුගේ මිතුරන් ඇතුළු කණ්ඩායමක් විසින් රුපියල් ලක්ෂ ගණනක් වටිනා අභ්‍යාස පොත් තොගයක්, පෑන් සහ අනෙකුත් පාසල් උපකරණ තෙවන පාසල් වාර අවසාන දිනයේ සිකුරාදා (2) දින ප්රදානය කරනු ලැබීය.
05th December 2016 14:18:53 පැය
නුගේගොඩ ශ්‍රී ධම්මාරාම විහාරයේ සමාජ සේවා පදනමේ දායකත්වයෙන් කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 62 වන සේනාංකයෙහි භට පිරිස්හි ශ්‍රම දායකත්වයෙන් මෙහෙරතැන්න ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් දෙක්ක සඳහා නව නිවාස ඉදි කර දී ඇත. එම දිලිදු පවුල් දෙක මුහුණ දී සිටින තත්වය තේරුම්ගත් 62 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ විජේසිංහ එම නව නිවාස දෙකක ඉදි කිරීමේ සම්බන්ධීකරණ කටයුත්ත භාර ගනු ලැබීය.
05th December 2016 11:28:26 පැය
කරදිපොක්කු - උරුතිරාපුරම් මාර්ගයේ ගමනාගනය සඳහා ඇති පාලම නැවත යථාතත්වයට පත් කර දෙන මෙන් එම ප්‍රදේශයේ විපතට පත් වැසියන්කරන ලද ඉල්ලීමකට අනුව කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 662 බලසේනාවෙහි යුද හමුදා සාමාජිකයින් එම පාලමෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.
17th November 2016 18:21:11 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය සහ 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව එක්ව කිලිනොච්චි කනගෛයිබිකුලම් දමිල විද්‍යාල ඉදි කරනු ලැබූ නව පුස්තකාල ගොඩනැගිල්ල බදාදා (16) දින පැවති චාම් උත්සවයේ දී සිසු අයිතියට පත් කරනු ලැබීය. එම පාසලේ දීර්ඝකාලයක් පුරා පැවති අඩුපාඩුවක් වූ එම පුස්තකාල ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම විසින් රුපියල් ලක්ෂ 3.9 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර ඇත.
17th November 2016 15:10:43 පැය
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ උපදෙස් මත මොණරාගල පාසල් සිසුන් 60 ක් සඳහා ඔක්තෝබර් මස 31 සිට නොවැම්බර් මස 01 දක්වා දියතලාව......
17th November 2016 15:06:25 පැය
වව්නිකුලම් සහ තුනුක්කායි ප්‍රදේශයේ අක්කර සිය ගණනකට අධික ප්‍රමාණයකට ජලය සපයනු ලැබූ වව්නිකුලම් ජලාශයේ දකුණු ඉවුරු ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කර බ්‍රහස්පතින්දා (3) දින නැවත විවෘත කරන ලදී.
07th October 2016 14:08:12 පැය
ලෝක හදවත් දිනයට සමගාමිව දියතලාව ආයුර්වේද මහා රෝහල සහ ඌව පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව පසුගිය බදාදා (05) දින පවත්වන ලද ලේ දන්දීමේ වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ.....
07th October 2016 13:50:22 පැය
23 වන සේනාංක භට පිරිස් විසින් සමුද්‍ර සමූහ ආයතනය සමඟ එක්ව වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ පාසල් සිසුන් සඳහා අඟහරුවාදා (4) දින පොත් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
06th October 2016 17:14:15 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ අනුරාධපුර පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා භට පිරිස් විසින් තඹුත්තේගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.එම්. හසිත අත්තනායකගේ ඉල්ලීමකට අනුව සිකුරාදා (30) දින එම රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදි.
06th October 2016 16:03:56 පැය
ගම්පොල කොත්මලේ මොරපේ පිහිටි ශ්‍රී කතරගම දේවාලයෙහි වාර්ෂික පෙරහැර නිමිත්නෙත් එම දේවාල පරිශ්‍රයෙහි පිරිසිදු කිරීමේ කටයුතු සහ පෙරහැර සංවිධාන කටයුතු සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 111 බලසේනාවෙහි 2 වන (ස්වේච්ඡා) රයිෆල් බලකා භට පිරිස් විසින් සිකුරාදා (30) දින සිදු කරනු ලැබීය.