26th December 2016 23:12:44 පැය
66 වන සේනාංක භටපිරිස් විසින් කොළඹ තරුණ ක්‍රිස්තියානි සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව පූනරීන් ප්‍රදේශයේ පාසල් සිසුන් වෙත පාසල් උපකරණ විශාල ප්‍රමාණයක් බෙදාදීමේ උත්සවය (17) සෙනසුරාදා පවත්වනු ලැබීය.
21st December 2016 10:03:26 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයෙහි භට පිරිස් විසින් කොළඹ ‘විශ්වපාරමී’ පදනම සමග එක්ව පූනරීන් ප්‍රදේශයේ අවශ්‍යතාවන් ඇති ජනතාව වෙත අක්ෂි සායනයක් සහ ඇස් කණ්නාඩි බෙදා දීමේ උත්සවයක් ඉරිදා (18) දින පූනරින් හි පිහිටි ශ්‍රී විග්නේෂ්වරන් පාසලේ දී සිදු කරන ලදී.
21st December 2016 09:58:41 පැය
653 බලසේනාවේ භට පිරිස් විසින් කිළිනොච්චි හි පිහිටි ආලන්කුලම් සහ තෙරන්දකන්ඩාල් ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින් යුතුව ඔවුන් හට කුකුලන් බෙදා දීමේ වැඩසටහනක් සිකුරාදා (16) දින තෙරන්දකන්ඩාල් ප්‍රජා ශාලාවේ දී පවත්වනු ලැබීය.
20th December 2016 14:39:49 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ජීවත්වන දිළිදු මහළු යුවලක් වෙත රාජ්‍ය බලධාරීන්ගේ සහය ඇතිව යුද හමුදා භට පිරිස් විසින් නව නිවසක් ඉදි කර දී ඇත.
16th December 2016 15:29:02 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවට අයත් 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් අඟහරුවාදා (13) දින නුවරඑළිය මහින්ද මහා විද්‍යාලීය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන ලදි. එම විද්‍යාලයෙන් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස.....
11th December 2016 09:50:22 පැය
සාලාව යුද හමුදා කඳවුරේ සිදු වු පිපිරීමෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ වෙළඳ කටයුතු ඇනහිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගැඹුරින් සොයා බලා එම කඳවුරු භූමියේ කොළඹ අවිස්සවෙල්ල මාර්ගය මුහුණලා මිටර් 500 ක බිම් තීරයක් වෙළඳ සැල් 35 ක් ඉදිකිරීම සඳහා ලබා දී ඇත.
11th December 2016 09:45:23 පැය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරන සිසුසිසුවියන් උදෙසා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය වෙතින් එක්දින නායකත්ව පුහුණු වැඩමුළුවක් සිකුරාදා (06) දින මහනුවර, දුණුමඩලාව වන රක්ෂිතයේ දී පවත්වන ලදි.
08th December 2016 08:41:56 පැය
පුනරීන් ප්‍රදේශයේ දිළිඳු පවුල්වල පාසල් ළමුන් වෙනුවෙන් යුද හමුදාවේ ව්‍යාපෘතියක් ලෙස 661බලසේනාවේ මුලිකත්වයෙන් රුපියල් ලක්ෂ 2.3 ක් වටිනා පාසල් උපකරණ තොගයක් සඳුදා (05) දින පුනරීන් විනාසියොදෙයි විද්‍යාලයේ දී බෙදාදෙන ලදි.
07th December 2016 11:45:23 පැය
අතිගරු ජනාධිපතිතුමා විසින් දියත් කරනු ලැබු දැනට ක්‍රියාත්මක ‘වනරෝපා’ ජාතික රුක් රෝපණ ව්‍යාපෘතිය සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක භට පිරිස් කිලිනොච්චි, තුනුක්කායි දෙමළ මිශ්‍ර පාසලේ සිසුන් 120 ක් වෙත කොස් පැළ 143 ක් බෙදාදෙමින් සිකුරාදා (02) දින දායකත්වය ලබාදිනි.
07th December 2016 11:37:06 පැය
පසුගිය දිනවල කිලිනොච්චි ප්‍රදේශයේ ඇති වූ ගං වතුර තත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා යුද හමුදා භට පිරිස් නිරන්තර සහයෝගය ලබා දුන් අතර, එහිදී පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විනාශයට පත් වූ කිළිනොච්චි භාරතිපුරම් උසස් පාබල පුහුණු පාසලට නුදුරින් පිහිටි බැම්ම පසුගියදා අලුත්වැඩියා කරනු ලැබීය.