20th February 2026
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 2026 පෙබරවාරි මස 19 වන දින නල්ලතන්නියේදී ‘සමනොල සිරි හරිත වන්දනා’ වැඩසටහන අරම්භ කරනු ලැබූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ මඟ පෙන්වීම යටතේ යුද්ධ හමුදා භටපිරිස් සිය සහාය ලබාදුන්හ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පරිසර අමාත්‍ය ගරු (වෛද්‍ය) ධම්මික පටබැඳි මහතා සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර මහතා සහභාගී වූහ.
මෙම වැඩසටහනේ අරමුණ වූයේ බැතිමතුන් වන්දනා මාන කරනු ලබන ප්‍රදේශයන්හි පාරිසරික පිරිසිදුබව ආරක්‍ෂා කිරීම සහ ඒ සඳහා තිරසාර පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමයි. ඒ අනුව එම වැඩසටහනේදී ඊට සහභාගී වූවන් විසින් නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම, පිරිසිදු කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව වීදි නාට්‍ය මගින් බැතිමතුන් දැනුවත් කර අවට පරිසරයට බැහැර කර තිබූ අපද්‍රව්‍යද ආරක්‍ෂිතව ඉවත් කරන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් එම්.එන්. ගුණවර්ධන psc IG, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් සහභාගී වූහ.