විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඊ.එන්. කුරුකුලසූරිය RWP RSP psc 2026 පෙබරවාරි මස 18 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විස්තරය පහත පරිදි වෙයි:

1992 ජනවාරි මස 02 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 35 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඊ.එන්. කුරුකුලසූරිය RWP RSP psc දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1992 අගෝස්තු මස 29 දින ගජබා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 මාර්තු මස 02 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ සේනාවිධායක ධූරය හෙබවීය.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී, 4 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ නිලධාරී උපදේශක,4 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ විධායක අධිකාරි, 4 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ ඩී ජී ඒ ගුණසේකර RSP USP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධිසහයක, 4 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ක්‍රියාන්විත සහ පුහුණු නිලධාරි, 4 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරී අණදෙන, සටන් පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරී 3 (පාලන), පාබල පුහුණු මධ්‍යස්ථානයේ පිහිටි බලඇණි පුහුණු පාසලේ උපදේශක, 8 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලය මාණ්ඩලික නිලධාරී 2 (පාලන), 21 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 (ක්‍රියා), 9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි වැනි ධූරයන් හොබවන ලදී.

තවඳ, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළදී හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ මාණ්ඩලික නිලධාරී, 12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 11 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ), 16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා පුහුණු පාසලේ පුහුණු අංශයේ අණදෙන නිලධාරි,11 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරී 1 (පාලන සහ භඨකාර්ය සම්පාදක), ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ ප්‍රධාන උපදේශක, ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ නියෝජ්‍ය සේනාවිධායක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ව්‍යාපෘති නිලධාරී සහ ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ සේනාවිධායක වැනි ධූරයන් ද හොබවන ලදී.

එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ වික්‍රම පදක්කම සහ රණ සූර පදක්කම (දෙවරක් සම්මානයෙන් පිදුම් ලැබීය).

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින්, යුද්ධ හමුදා සේවා කාලය තුළදී ගුවන් සංග්‍රාමික මෙහෙයුම් පුහුණු පාඨමාලාව,ඒකක ගිණුම්කරණ නිලධාරීන්ගේ පාඨමාලාව,කණ්ඩායම් අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව,බලඇණි ආධාරක අවි නිලධාරීන්ගේ පාඨමාලාව,මානව හිමිකම් නීති පාඨමාලාව,සන්නද්ධ ගැටුම් නීතිය පිළිබඳ නිලධාරී උපදේශක පුහුණු පාඨමාලාව,ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් පිළිබඳ නිලධාරි උපදේශකයින් සඳහා වූ පුනරීක්‍ෂණ පුහුණු පාඨමාලාව,යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව සහ ගෝලීය තොරතුරු පද්ධති (GIS) පාඨමාලාව වැනි පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ මූලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව වැනි විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

තවද, එම ජ්‍යෙෂ්ඨ නිලධාඉන්දියාවේ ඉන්දෝර් හි Government Autonomous Holkar Science College මඟින් පරිගණක පද්ධති සහ යෙදුම් පිළිබඳ ඩිප්ලෝමාව හා කැලණිය විශ්ව විද්‍යාලයේ ආපදා කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව හිමි කර ගෙන ඇත.