යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 පෙබරවාරි මස 18 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිල සංචාරයක නිරත විය.

එම මූලස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගන්නා ලදී. එමෙන්ම භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකර ගෙන යාමේ ගෞරවාචාරය ද පිරිනමන ලදී.

ඉන්පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද ශරීර සුවතා මංතීරුව සහ නිලධාරී නිවස්න සංකීර්ණය විවෘත කරන ලදී. පසුව, එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. අනතුරුව, යුද්ධ හමුදාපතිතුමන් ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන ක්ෂේත්‍ර සමාලෝචනය කරමින් ක්ෂේත්‍ර සංචාරයක් ද සිදු කළේය.

සංචාරයේ කටයුතු අවසන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තබන ලදී. මෙම අවස්ථාවට එම බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.