18th February 2026
මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය - 2026 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2026 පෙබරවාරි මස 17 දින පැවැත්විණි.
තරඟාවලිය අතරතුරදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම, ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම පරාජය කරමින්, තියුණු අවසන් තරඟයයේදී 03 ට 01 ක් ලෙස ශූරතාව දිනා ගැනීමට සමත් විය.
යුද්ධ හමුදා කණ්ඩායම තරඟාවලියේදී දක්වපු දස්කම් වෙනුවෙන් පහත පරිදි සම්මානවලින් පිදුම් ලැබීය.
*දක්ෂතම ක්‍රීඩකයා - කෝප්‍රල් කේ කලෛයිචෙල්වම් - ශ්‍රී ලංකා සංඥා බලකාය.
*දක්ෂතම ප්‍රහාරකයා - කෝප්‍රල් කේ කලෛයිචෙල්වම් - ශ්‍රී ලංකා සංඥා බලකාය.
* දක්ෂතම පන්දු සකසන්නා - කෝප්‍රල් ජී.පී. දුෂ්‍යන්ත ශ්‍රී ලංකා සංඥා බලකාය.
*දක්ෂතම පන්දු ගොඩගන්නා - ඩබ්ලිව්.ඒ.ඩී.එම්.එස් වික්‍රමසේන ඉංජිනේරු සේවා බලකාය.
* දක්ෂතම කෙටි පන්දු ප්‍රහාරකයින් - බලලත් නිලධාරී II බී.එච්.ඩබ්ලිව්. ලක්මාල් ගජබා රෙජිමේන්තුව සහ මාණ්ඩලික සැරයන් ඒ.කේ.ජී.එන්.එස් කරුණාරත්න ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය.
*දක්ෂතම උස පන්දු ප්‍රහාරකයා - ලාන්ස් බොම්බාර්ඩියර් පී.එම්.එස්. කැළුම්රත්න ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව.