20th February 2026
කොත්මලේ, ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනය මඟින් පවත්වනු ලැබූ පාඨමාලාවන් හදාරන ලද අයවලුන් හට සහතිකපත් ප්‍රදානෝත්සවය 2026 පෙබරවාරි මස 20 වන දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.
භාෂා පුහුණු ආයතනය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව එම ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඊ.එන්. කුලකුරසූරිය RWP RSP psc විසින් පිළිගන්නා ලදී. එමෙන්ම භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකර ගෙන යාමේ ගෞරවාචාරය ද පිරිනමන ලදී.
උත්සවය අතරතුරදී දමිළ භාෂා පාඨමාලා අංක 107, ඉංග්‍රීසි භාෂා පාඨමාලා අංක 20 සහ ප්‍රංශ භාෂා පාඨමාලා අංක 17 සඳහා සහභාගී වූවන් වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී.
උත්සවය අවසානයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පාඨමාලාවන් සඳහා සහභාගීවූවන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී.
මෙම අවස්ථාවට එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.