විශ්‍රාම යාමට නියමිත ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ දේශනයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී

ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී. අරුණ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc ගේ මඟ පෙන්වීම මත ආරක්‍ෂක අමාත්‍යාංශය හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද විශ්‍රාම යාමට නියමිත ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ දේශනයක් 2026 පෙබරවාරි මස 11 වන දින යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.

මෙම වැඩසටහන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ වීරකෝන් RWP RSP ගේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ RWP RSP USP rcds psc සහභාගී විය.

මෙම වැඩසටහනේ අරමුණ වූයේ ඉදිරියේදී විශ්‍රාම යාමට නියමිත හමුදා සාමාජිකයින් රටේ ආර්ථිකයට දායක වීමට සහ ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කර ගැනීමට සහාය වීමයි.

මෙම වැඩසටහන අපනයන පාලන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ අධ්‍යක්‍ෂ (ව්‍යවසාය සංවර්ධන) එරන්දික දිසානායක මහතා සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයේ පුහුණු නිලධාරී ධනුක අබේතුංග මහතා විසින් මෙහෙයවන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජිතයින් සහභාගී වූහ.