21st February 2026
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 පෙබරවාරි මස 20 වන දින කාලතුවක්කු හමුදා පාසලේ නිල සංචාරයක නිරත විය.
පුහුණු පාසල වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගන්නා ලදී. එමෙන්ම භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකර ගෙන යාමේ ගෞරවාචාරය ද පිරිනමන ලදී.
සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද කාලතුවක්කු නිවස, බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය සහ භටපිරිස් සඳහා අත්‍යවශ්‍ය පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින් එම පුහුණු පාසලේ නවතමයෙන් ස්ථාපිත ජල පිරිපහදු මධ්‍යස්ථානයද විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.