ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක එම බලසේනා පුහුණු පාසලේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc 2025 නොවැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරනු ලැබීය.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකව එම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ටී.එස්.බී.ආර් ප්‍රනාන්දු විසින් පිළිගත් අතර, පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

ඉන්පසුව, එම පුහුණු පාසලේ සේනාවිධායක විසින් පුහුණු පාසල විසින් සිදුකරන ලබන පුහුණු අධ්‍යයන සහ අනෙකුත් කාර්යයන් පිළිබඳව යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකව දැනුවත් කරන ලදී. පසුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි පුහුණු පාසලේ භටපිරිස් අමතා අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.