12th November 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර වාර්ෂීකව පවත්වනු ලබන දිගුකාලීන ද්විපාර්ශ්වික යුද පුහුණු අභ්‍යාසයක් වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ 2025 වසර සඳහා වූ අභ්‍යාසයෙහි ආරම්භය සනිටුහන් කරමින්, එහි සමාරම්භක උත්සවය 2025 නොවැම්බර් මස 10 දින ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙලගාවි හි පිහිටි මරාටා පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිගේඩියර් ආනන්ද කුමාර සහභාගී වූ අතර, ඉන්දීය බලඇණි අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා බලඇණියේ අධ්‍යක්ෂක ඇතුළු දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සාමාරම්භක දේශනය පවත්වන ලදී.
දෙරටේ හමුදාවන් අතර පවතින සම්බන්ධතාවය, මිත්‍රත්වය, අන්‍යෝන්‍ය ගෞරවය සහ වෘත්තීය සහයෝගීතාවය එහිදී දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් අවධාරණය කරනලදී. එසේම, ත්‍රස්ත විරෝධී මෙහෙයුම්, විශේෂ මෙහෙයුම් සහ සම්ප්‍රදායික මෙහෙයුම් වැනි ක්ෂේත්රවල අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම, අන්‍යෝන්‍ය විශ්වාසය වර්ධනය කිරීම සහ උපක්රමික දැනුම හා මෙහෙයුම් ප්‍රවීණත්වය බෙදා හදා ගැනීම සඳහා මිත්‍ර ශක්ති වැනි ඒකාබද්ධ අභ්‍යාසවල ඇති වැදගත්කම ද ඔවුන් මෙහිදී ඉස්මතු කර දැක්වූහ.