විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ඒ.ආර්.සී විජේසූරිය RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

1991 නොවැම්බර් මස 17 දින කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 9 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ඒ.ආර්.සී විජේසූරිය RSP USP ndc රත්මලාන, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1993 නොවැම්බර් මස 22 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත අනුයුක්ත කෙරිණි.

යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජනවාරි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 නොවැම්බර් මස 19 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවීය.

විශ්‍රාම දිවියට පා තබන තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 3 වන විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රුලි භාර නිලධාරි, 3 වන විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහකාර විධායක අධිකාරි, සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III, 3 වන විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ විධායක අධිකාරි, 3 වන විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලස්ථාන බලඝණයේ, ‘ඒ’ බලඝණයේ සහ ‘සී’ බලඝණයේ නිලධාරි අණදෙන, යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පුහුණු අංශයේ ඛණ්ඩභාර නිලධාරි, යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මාණ්ඩලික නිලධාරි II (උපදේශක), සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනා මේජර්, සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ වෘත්තීය පුහුණු අංශයේ පුහුණු අංශ නිලධාරි, 5 වන විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දෙවන අණදෙන නිලධාරි වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

එමෙන්ම, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සුඩානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් හමුදා නිරීක්‍ෂක (කණ්ඩායම් ස්ථාන නායක), 8 වන විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 3 වන විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 1 (අතිරේක), කුකුලේගඟ ලයා ලෙෂර් යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේ මාණ්ඩලික නිලධාරි 1, 52 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන සහ භඨ කාර්ය සම්පාදක), ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කාර්යයේ නියුක්ත නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, 232 පාබල බලසේනාවේ බලසේනාධිපති, 57 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක, 12 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති යන ධූරයන් ද හොබවන ලදී.

එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි දෙවරක් රණ ශූර පදක්කමෙන් සහ උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලබන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී ඒකක පරිපාලන පාඨමාලාව, හමුදා නිරීක්‍ෂක සහ මාණ්ඩලික නිලධාරින්ගේ පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ සිවිල් ආරක්‍ෂාව පිළිබඳ පුහුණු පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ සිවිල්-හමුදා සම්බන්ධීකරණ පාඨමාලාව, ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව,තරුණ නිලධාරින්ගේ (සන්නාහ සන්නද්ධ) පාඨමාලාව - ඉන්දියාව, සන්නාහ සන්නද්ධ නිලධාරින්ගේ උසස් තාක්‍ෂණික පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ කාර්ය මණ්ඩල (මධ්‍යම වෘත්තීය) පාඨමාලාව - පාකිස්ථානය, සංග්‍රාමික කණ්ඩායම් අණදෙන නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, Summer Semester on Health Aspects of Disaster පාඨමාලාව - ඕස්ට්‍රේලියාව ඇතුළු දේශීය මෙන්ම විදේශීය පුහුණු පාඨමාලා රැසක් හදාරන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරින් සඳහා වන උපදේශන පාඨමාලාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධති පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගෝලීය කටයුතු පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ උපදේශනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කලා උපාධිය (ආරක්‍ෂක අධ්‍යයන) සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ආදී අධ්‍යාපනික සුදුසුකම්ද සපුරාලන ලදී.