ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව ජාත්‍යන්තර සිංහ සමාජය 306 ඩී6 දිස්ත්‍රික්කය සමඟ එක්ව 2025 නොවැම්බර් මස 10 දින ප්‍රජා සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ගේ උපදෙස් මත මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන පවත්වන ලදී.

ඒ අනුව, මෙම වැඩසටහනේදී සිංහ 306 ඩී6 දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ආණ්ඩුකාර වන සිංහ මහේෂ් බොරලුගොඩ PMJF PMAF JP මහතා සහ ජ්‍යෙෂ්ඨ අතිරේක කැබිනට් ලේකම් හා ප්‍රධාන වැඩසටහන් සම්බන්ධීකාරක වන සිංහ විශ්‍රාමික මේජර් තුෂාර සමරතුංග MAF JP නිලධාරි රුපියල් 1,300,000 ක මුදලක් වැය කරමින් දරුවන් සඳහා පාසල් උපකරණ, ගර්භනී මව්වරුන් සඳහා පෝෂණ ආහාර පාර්සල් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩල සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය. තවද, දිර්ඝකාලීනව වෛද්‍ය ප්‍රතිකාර ලබන දරුවන් සඳහා මූල්‍යමය ආධාර ද ලබා දෙන ලදී.

එමෙන්ම, එම වැඩසටහනේදී පවත්වනු ලැබූ ජංගම අක්‍ෂි සායනය මඟින් අක්‍ෂි පරික්‍ෂාවන් සිදුකිරීම සහ ඇසේ සුද ඉවත් කිරීම යන රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාදීම සිදුකළ අතර, ජාතික රුධිර බැංකුව සමඟ සහයෝගයෙන් රුධිර දන්දීමේ වැඩසටහනක් ද පැවැත්විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රතිලාභීන් සහභාගි වූහ.