මොණරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව 18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් කරගහවෙල ගම්මානයේ ගොවි ජනතාව සමඟ එක්ව 2025 ජනවාරි මස 26 දින බිබිල, අලවත්ත කුඹුර වැව්බැම්ම ඛාදනය වීම සාර්ථකව වළක්වාගනු ලැබීය.
ජාතියේ ආරක්ෂකයා
මොණරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව 18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් කරගහවෙල ගම්මානයේ ගොවි ජනතාව සමඟ එක්ව 2025 ජනවාරි මස 26 දින බිබිල, අලවත්ත කුඹුර වැව්බැම්ම ඛාදනය වීම සාර්ථකව වළක්වාගනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, 2025 ජනවාරි මස 22 දින නැගෙනහිර පළාත් රදගුරු අති උතුම් ක්‍රිස්ටියන් නොයෙල් එමානුවෙල් රදගුරුතුමන් හමුවිය.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ, වැලිකන්ද පෙර පාසලේ ළමුන් 60 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය ඉගෙනුම් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 26 දින පවත්වන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ, ආරක්‍ෂ සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ උපදෙස් මත සහ 7 වන බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ, "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනේ කොටසක් ලෙස 2025 ජනවාරි මස 25 දින නාවලඩි සිට රිදීතැන්න ඒ11 (මඩකලපුව සිට පොළොන්නරුව දක්වා) මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය මත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර, පන්සියගම ග්‍රාමීය රෝහලේ ඉදිකිරීම් කටයුතු 9 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරන ලදී.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, තෙන්නියන්කුලම් වැව් බැම්මේ පිටවානේ කොටසට සිදුවූ හානියෙන් ඇති විය හැකි තත්ත්වයන්ට කඩිනමින් මුහුණ දීමට 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත, 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ.ඒ.කේ හේවාපතගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 19 දින එම වැව් බැම්ම සාර්ථකව අලුත්වැඩියා කරන ලදී.
231 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 19 දින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ දිවුල්පතන ප්‍රදේශවාසීන් තිදෙනෙකු මුදවාගනිමින් ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලදී.
රජය විසින් දියත් කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, අභිමංසල-II සුවතා නිකේතනයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 21 දින විල්පිට වත්ත මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වී.ඩී.එස් පෙරේරා ගේ අධීක්‍ෂණය මත 2025 ජනවාරි මස 22 දින වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත 2025 ජනවාරි මස 21 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.