2025 ජුනි මස 10 දින බෙලිහුල්ඔය නන්පේරියල් මාර්ගයේ බේකර්ස් වංගුව අසල බෑවුමකින් පහලට වැටී සිටි පුද්ගලයින් පස් දෙනෙකු ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ 11 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් එක්ව සාර්ථකව බේරා ගන්නා ලදී.
ජාතියේ ආරක්ෂකයා
2025 ජුනි මස 10 දින බෙලිහුල්ඔය නන්පේරියල් මාර්ගයේ බේකර්ස් වංගුව අසල බෑවුමකින් පහලට වැටී සිටි පුද්ගලයින් පස් දෙනෙකු ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ 11 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් එක්ව සාර්ථකව බේරා ගන්නා ලදී.
9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් කුරුණෑගල, ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව සමඟ සහයෝගයෙන් 2025 ජුනි මස 08 දින හෙරලියාවල, එම බලඇණි මූලස්ථානයේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
54 පාබල සේනාංකය, අඩම්පන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ එක්ව ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමේ අරමුණින් මන්තායි (බටහිර), වෙල්ලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසලේදී 2025 ජුනි 07 වන දින වෛද්‍ය සායනයක් පවත්වන ලදී. එහිදී අවට ගම්මානවලින් පැමිණි පවුල් 125 ක් වෙත වෛද්‍ය උපදේශන, අක්‍ෂි ප්‍රථිකාර, දන්ත ප්‍රතිකාර, මානසික සෞඛ්‍ය හා පෝෂණ උපදෙස් සහ රුධිර පරීක්‍ෂණ ඇතුළු සේවාවන් සපයන ලදී.
17 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 05 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් වර්ෂ 1987 ජුනි මස 2 දින අම්පාර දිස්ත්‍රික්කයේදී බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා 33 නමක් සහ සිවිල් වැසියන් සිව් දෙනෙකු ඝාතනය කළ සිදුවීමේ 38 වන ගුණානුස්මරණය 2025 ජුනි මස 2 දින අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම සහ 512 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය මත එම බලසේනාව යටතේ ස්ථාපිත 17 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 02 දින යාපනය, අරියාලෙයි, පම්පුගර් ප්‍රදේශයේ ස්ථාපිත සන්මුගන් පෙර පාසල් පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සහ ගොතටුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඒකාබද්ධව 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහභාගිත්වයෙන් 2025 මැයි මස 31 දින කලටුවාවත්ත ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදී.
51 පාබල සේනාංකයයේ භටපිරිස් විසින් පලාලි උතුර, රජයේ දමිළ මිශ්‍ර පාසලේදී අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 40 දෙනෙකු සඳහා පාසල් බෑග් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 මැයි මස 29 දින සංවිධානය කරන ලදී.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව දේශීය හා විදේශීය සංචාරකයින් සංචාරයේ යෙදෙන දියතලාව, ‘ෆොක්ස් හිල්’ ප්‍රදේශය ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මැයි මස 25 දින පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය මත 221 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 20 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් 2025 මැයි මස 26 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.