සිවිල් වැසියන්ගේ සහයෝගය මත යුද්ධ හමුදා භටපිරිස් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, මන්නාරම දිස්ත්‍රික්කයේ වෙසෙන සිවිල් වැසියන් විසින් 2025 පෙබරවාරි මස 23 දින වෙරළබඩ ප්‍රදේශ 24 කදී වෙරළ පිරිසිදු කිරීමේ වැසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය ලබාදුන්හ.

එම වැඩසටහනට සමගාමීව, මුලතිව් දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් ද එම ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා 591 පාබල බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

එමෙන්ම, 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පලිනගර් ප්‍රදේශයේ පිහිටි කුමාරස්වාමි ප්‍රාථමික විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 24 දින පවත්වන ලදී.