55 පාබල සේනාංකයේ භටපිරිස් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහාය දක්වයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ‘සුන්දර වෙරළ තීරයක් සහ ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්’ යන තේමාව යටතේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පූනරින් සහ අලිමංකඩ වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 23 දින ක්‍රියාත්මක කරනු ලැබූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත, භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.

මෙම පිරිසිදු කිරීමේ කටයුතු සඳහා 55 පාබල සේනාංකයේ, 552 සහ 553 පාබල බලසේනාවේ, 6 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 22 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 2 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් දායකත්වය ලබාදුන්හ.