සිවිල් ක්‍රියාකාරකමි

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වී.ඩී.එස් පෙරේරා ගේ අධීක්‍ෂණය මත 2025 ජනවාරි මස 22 දින වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත 2025 ජනවාරි මස 21 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම, වල්ගම ප්‍රදේශයේ පදිංචි එම්. නිලූෂා කුමාරි මෙනෙවිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබූ නිවස 2025 ජනවාරි මස 22 දින නිල වශයෙන් භාරදීම සිදුකරනු ලැබීය.


යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත 10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය තුළින් හම්බන්තොට ක්‍රිස්තියානි දේවස්ථානයේ පෙරපාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2025 ජනවාරි මස 21 දින සාර්ථකව අවසන් කරන ලදී.


11 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඊ.ජි.ජේ.පී. එදිරිසිංහ යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 18 දින කිරුඩාවිල් හින්දු දමිළ මිශ්‍ර පාසලේ සහ ශිවප්‍රකාශ් පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 125 දෙනෙකු වෙනුවෙන් පාසල් ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


24 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 241 පාබල බලසේනාවට අයත් 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 19 දින හානියට පත් වීරයාඩි වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. එම ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව තහවුරු කරමින් වැව් බැම්ම තවදුරටත් ඛාදනය වීම වැළැක්වීම සඳහා භටපිරිස් විසින් එම වැව් බැම්ම තුළ වැලි කොට්ට අතුරනු ලැබීය.


221 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 16 දින ත්‍රිකුණාමලය, සාගරපුර ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඒ.පී.එම්. බාලසූරිය ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත 4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් හානියට පත් ගල්කුලම, මහනොච්චිකුලම් වැව් බැම්ම තුළ වැලි කොට්ට අතුරා ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.


පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2025 ජනවාරි මස 19 දින පීඩාවට පත් කැබිතිගොල්ලෑව, ඇල්ලේවැව ප්‍රදේශවාසීන් දෙදෙනෙකු මුදවාගැනීම සඳහා 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබීය.


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ මඟපෙන්වීම මත දිවයින පුරා ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය වෙතින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. ඒ අනුව, වී මිලදී ගැනීමෙන් පසුව ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු වී ගබඩාවන් 209 ක් භාවිතා කිරීමට ද රජය සැලසුම් කරමින් පවතී.