21st February 2025
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ මඟපෙන්වීම සහ 212 හා 561 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය මත භටපිරිස් විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පළමු අදියරේ කොටසක් ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ ස්ථාපිත පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, භටපිරිස් විසින් ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලය, ගනේබිදුණුවැව ප්‍රාථමික ආදර්ශ විද්‍යාලය, බුදුගෙහින්න විද්‍යාලය, එප්පාවල සුමංගල මහා විද්‍යාලය, කැලේදිවුල්වැව විද්‍යාලය, වැලිඔය කල්‍යාණිපුර මහා විද්‍යාලය, නැදුන්කේනි මහා විද්‍යාලය සහ ඕළුමඩු දමිළ මහා විද්‍යාලය යන පාසල් පිරිසිදු කරන ලදී.
මේ අතර, 5 (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2025 පෙබරවාරි මස 17 දින කල්ලියඩි පිහිටි රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ එම බලසේනාවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 25 දින පලිනගර් හි පලිනගර් මහා විද්‍යාලයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක ලදී. මෙම වැඩසටහනේදී පන්ති කාමර සහ පාසල් අවට පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.
211 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ, 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ද 2025 පෙබරවාරි මස 24 දින බණ්ඩාර උල්පත විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මේ අතර, 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම බලඇණියේ භටපිරිස් 2025 පෙබරවාරි මස 27 දින මුලතිව් කෝකිලායි රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහය විය.
තවද, 212 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 27 දින එම ප්‍රදේශයේ පාසල් කිහිපයක සුළු ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට පිරිසිදු කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවට සහය විය. ඒ අනුව මෙම ප්‍රජා වැඩසටහන සඳහා මරදන්කඩවල ශ්‍රී රාහුල මහා විද්‍යාලය, කල්ලංචියාගම මුස්ලිම් පාසල, මඩාටුගම ශ්‍රී රේවත මධ්‍ය මහා විද්‍යාලය, බුල්නෑව ඉහළ බුල්නෑව මහා විද්‍යාලය සහ කලංකුට්ටිය මාවතේගම විද්‍යාලය යන පාසල් ඇතුලත් විය.
තවද, 212 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 27 දින සුළු ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට පිරිසිදු කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවට සහය වූ අතර, මෙම ප්‍රජා වැඩසටහ සඳහා මරදන්කඩවල ශ්‍රී රාහුල මහා විද්‍යාලය, කල්ලංචියාගම මුස්ලිම් පාසල, මඩාටුගම ශ්‍රී රේවත මධ්‍ය මහා විද්‍යාලය, බුල්නෑව ඉහළ බුල්නෑව මහා විද්‍යාලය සහ කලංකුට්ටිය මාවතේගම විද්‍යාලය යන පාසල් ඇතුලත් විය.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ගුරු භවතුන් සහ දෙමාපියන් සිය දායකත්වය ලබාදුන්හ.