සිවිල් ක්‍රියාකාරකමි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 18 දින නිලධාරින් සහ සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් මුල්ලිවයික්කාල් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බදාදා පුහුණු දින වැඩසටහනේ කොටසක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම මත 2025 පෙබරවාරි මස 13 දින ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නීති රාමුව’ මැයෙන් විශේෂ දේශනයක් පැවැත්විණි.


641 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 50 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 13 දින නාරංගමුව ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.


අනුරාධපුර, අටමස්ථානය පූජනීය නගරය, තිසාවැව සහ බසවක්කුලම වැව් බැම්ම අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් 212 සහ 213 බලසේනාවේ සාමාජිකයන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් 2025 පෙබරවාරි මස 17 දින පැවැත්විණ.


රජය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තවත් අදියරක් ලෙස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 144 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 15 දින පොල්දූව මාර්ගය, පාර්ලිමේන්තු මාර්ගය, ශ්‍රී ලංකා-ජපන් මිත්‍රත්ව මාර්ගය, තුරුමිතුරු ව්‍යාපෘති ප්‍රදේශය සහ දියවන්නා වැව යන ප්‍රදේශයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.


යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 16 දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ‘අපගේ වෙරළ තීරයන් හා සමුද්‍ර ජීවීන් ආරක්‍ෂා කිරීම සහ පිරිසිදු, හරිත අනාගතයක් නිර්මාණය කිරීම!’ තේමාව ඔස්සේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම යටතේ පරිත්‍යාගශීලී මංගල පීරිස් මහතාගේ මූල්‍යමය දායකත්වය මත 3 ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් පැරකුම් ගම්මානයේ ප්‍රජාව වෙත පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් පානීය ජල සැපයුම් ව්‍යපෘතියක් 2025 පෙබරවාරි මස 11 දින ආරම්භ කරන ලදී.


212 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 15 දින අවුකන පුරාණ විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලදී.


54 පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් කේ.පී.එම්.එන් ගුණසේකර, රුපියල් 102,220.00 ක් සහ වැදගත් ලියකියවිලි අඩංගු මුදල් පසුම්බියක් වැටී තිබියදී හමුවීමෙන් පසු එහි අයිතිකරු වෙත ලබා දීමේ ආදර්ශමත් ක්‍රියාවක් සිදුකරනු ලැබීය.


77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින ශාන්ත තෙරේසා වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.