සිවිල් ක්‍රියාකාරකමි

15 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය සමඟ එක්ව ත්‍රිකුණාමලයේ තිස්සපුර අග්බෝ රජමහා විහාරස්ථානයේදී වෛද්‍ය කඳවුරක් 2025 මැයි මස 27 දින පවත්වන ලදී. මෙම වැඩසටහන මගින් සිවිල් වැසියන් 200 කට අධික පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර හිමි විය.


කුණ්ඩසාලේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ජාතික පාසලේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 2025 මැයි මස 23 දින පැවති එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG සහභාගි විය.


‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 542 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ ඒකාබද්ධව මාතෝට්ටම් ප්‍රදේශයේ යෝධ වැව සම්බන්ධ වන ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මැයි මස 25 දින ක්‍රියාත්මක කරන ලදී.


9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 මැයි මස 26 දින එම බලඇණි පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.


ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය මත 2 බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් වියළි ආහාර සලාක සහ දිවා ආහාර පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


2025 අප්‍රේල් මස 29 දින හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේදී පැවැත්වූ ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා 12 පාබල සේනාංකයේ භටපිරිස් සහභාගි වෙමින් සිය රුධිරය පරිත්‍යාග කළහ.


‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව සිවිල් වැසියන්ගේ යහපැවැත්ම නංවාලීමේ අරමුණින් 1 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ඉංගිරිය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී. 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP විසින් 2025 අප්‍රේල් මස 02 දින එම නිවස ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී.


රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සමඟාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ සිවිල් ජනතාවගේ යහපැවැත්මට ප්‍රමුඛත්වයක් ලබාදීමේ අරමුණින් 232 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් 2025 අප්‍රේල් මස 5 දින උන්නච්චිවිය ප්‍රදේශයේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම ප්‍රදේශයේ පිහිටි රෝහල්වල රුධිර සංචිත ප්‍රමාණය ඉහල නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.


233 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් පසුගියදා මහසෙන්පුර ගම්මානයේ ජල සැපයුම් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.


54 පාබල සේනාංකය විසින් Bridging Lanka and the veterinary partner ‘Vets for Future’ යන සංවිධාන සමඟින් එක්ව 2025 මස මාර්තු 24 දින සිට අප්‍රේල් මස 6 දින දක්වා සුනඛයන් එන්නත් කිරීමේ සහ වන්ධ්‍යකරණ වැඩසටහනක් පවත්වන ලදී.