අධික වර්ෂාපතනය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි මඟුල්පොකුණ වැවෙහි පිටවාන කැඩී යාම හේතුවෙන් ජලය පිටාර ගැලීමෙන් මඟුල්පොකුණ සිට කාලිංගවිල දෙසට ගමන් ගමන්නා මාර්ගය දැඩි ලෙස හානියට පත්විය. කඩිනමින් ක්‍රියාත්මකවූ , 23 පාබල සේනාංකයේ සහ 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2025 ජනවාරි මස 02 දින සිදුකරනු ලැබූහ.