21st February 2025
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ අධීක්‍ෂණය මත ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පළමු අදියරේ කොටසක් ලෙස භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 20 දින පාසල් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.
මෙම වැඩසටහනේදී, භටපිරිස් විසින් සිය බලප්‍රදේශයේ තෝරාගත් පාසල් 40 ක් තුළ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය. මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, සිසු සිසුවියන් සහ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.