24th February 2025
උපවාස සමය සඳහා සූදානම් වන මුස්ලිම් වැසියන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් 2025 පෙබරවාරි මස 24 දින හපුතලේ, දියතලාව සහ කහගොල්ල යන ප්‍රදේශයන්හි පිහිටි මුස්ලිම් පල්ලි වෙත රටඉඳි බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
දියතලාව ප්‍රදේශයේ වෙසෙන දානපතියන් විසින් පරිත්‍යාග කරනු ලැබූ මෙම රටඉඳි සෑම පල්ලියක් වෙතම කිලෝග්‍රෑම් 20 බැගින් බෙදාදෙන ලදී. මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.