77 වන ජාතික නිදහස් දිනයට සමගාමීව 522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.කේ.එස්.පී.එම්.ආර්.ඒ.බී දොඩම්වල පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස්.එච් සුදුසිංහ ගේ අධීක්‍ෂණය යටතේ මනල්කාඩු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී රුක් රෝපණ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 දින පවත්වන ලදී.