තලවකැලේ ප්‍රදේශයේ ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහාය

තලවකැලේ ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලක 2025 නොවැම්බර් මස 09 දින හදිසි ගින්නක් ඇති විය.

ආරක්ෂක සේනා - මධ්‍යම මඟපෙන්වීම යටතේ 11 පාබල සේනාංකයේ අධීක්ෂණය මත 642 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් තලවකැලේ නගර සභා ගිනි නිවන හමුදාව සමඟ එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.