12th November 2025
56 වන පාබල සේනාංකයේ 31 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එස්.ඒ.යූ.ඒ සෝලංගආරච්චි RSP ndc psc විසින් 2025 නොවැම්බර් මස 10 දින එම සේනාංකයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
කඳවුරු පරිශ්‍රයට පැමිණි නව සේනාංකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. පසුව නව සේනාංකාධිපති ආගමික වතාවත් වල නිරත විය.
ඉන් අනතුරුව, නව සේනාංකාධිපති එම සේනාංකයේ භටපිරිස් අමතමින් වෘත්තීයභාවය, විනය සහ රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම පිළිබඳව අවධාරණය කරමින් තම දැක්ම පෙන්වා දෙනු ලැබීය. උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර, පසුව නව සේනාංකාධිපති වෙත එම සේනාංකයේ මෙහෙයුම් වගකීම් සහ වත්මන් තත්ත්වය පිළිබඳව කෙටි හැදින්වීමක් ඉදිරිපත් කරන ලදී.