12th November 2025
2025 නොවැම්බර් මස 05 දින පල්ලෙකැලේ කාර්මික කලාපයේ පිහිටි ශක්ති රතිඤ්ඤා කර්මාන්තශාලාවේ ඇති වූ ගින්නක් පාලනය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, 11 පාබල සේනාංකයේ භටපිරිස් විසින් කඩිනමින් ගින්න මැඬපැවැත්වීමට කටයුතු කරන ලදී.
ඒ අනුව ජල බවුසරයක් සමඟින් යුද්ධ හමුදා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානය වෙත යොදවන ලද අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකය සමඟ සම්බන්ද තාවයෙන් ගින්න මැඬපැවැත්වීමට වීමට කටයුතු කරන ලදී.