11th November 2025
කෝපිවත්ත ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් මිලියන 8 කට ආසන්න වටිනාකමකින් යුත් වල්ලාපට්ටා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදු කරන ලද අතර, පොලිසිය විසින් ලබාදෙන ලද තොරතුරු අනුව, වැටලීමේදී සැකකරු සතුව වල්ලාපට්ටා ග්‍රෑම් 15.750 ක් තිබී සොයා ගන්නා ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මතුගම වන සංරක්ෂණ කාර්යාලය විසින් සිදු කරනු ලබන අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන්ගේ සහාය ඇතිව පරීක්ෂණ සිදු කරනු ලබයි.