අම්බලන්ගොඩ නගරයේ ඇති වූ ගින්නක් මැඬපැවැත්වීමට යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය

2025 නොවැම්බර් මස 09 දින අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක් තුළ පිහිටි විදුලි උපකරණ වෙළඳසැලක හදිසි ගින්නක් ඇති වූ අතර, එම ගින්න අසල ඇති වෙළඳසැල් 12 දක්වා පැතිර ගොස් තිබුණි. ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ 573 පාබල බලසේනාවේ භට පිරිස් විසින් එම අවස්ථාවට කඩිනම් ප්‍රතිචාර දක්වමින් ගින්න සාර්ථකව පාලනය කරන ලදී.

ඒ අනුව 573 පාබල බලසේනාවේ මඟපෙන්වීම යටතේ, 20 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බළකාය සහ 573 පාබල බලසේනාවේ භටපිරිස්, ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගාල්ල ගිනි නිවන හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදා ගිනි නිවන ඒකකය, අම්බලන්ගොඩ නගර සභාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව මෙම ගින්න මැඬපැවැත්වීමට කටයුතු කළහ.