16th November 2025
ගැමුණු හේවා බලකායේ 26 වන රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරල් ඒ.එම්.ඒ අබේවර්ධන WWV RWP RSP ndc විසින් 2025 ඔක්තෝබර් මස 23 වන දින කුරුවිට, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාර ගන්නා ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි නව රෙජිමේන්තු අධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. පසුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රණවිරු ස්මාරකය වෙත ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලදී. ඉන් පසුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් භටපිරිස් ඇමතීම ද සිදුකරන ලදී.
මෙම අවස්ථාවට එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.