ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය රාජකාරි අරඹයි

35 වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වශයෙන් ගැමුණු හේවා බලකායට අයත් මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න RWP RSP ndu, 2026 අප්‍රේල් මස 04 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.

එම අවස්ථාව සනිටුහන් කරමින් නව ආඥාපති ආගමික ආශීර්වාද මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.