6th April 2026
19 වන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වශයෙන් මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc, 2026 අප්‍රේල් මස 04 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර හිදී ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.
මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි , නව ආරක්‍ෂක සේනා ආඥාපති වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. ඉන්පසුව, හමුදා සම්ප්‍රදායානුකූලව සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරමින්, නව ආරක්‍ෂක සේනා ආඥාපති විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟින් සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටින ලදී. උත්සවයේ කටයුතු අවසන් කරමින් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහාද එම ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී විය.
නව ආරක්‍ෂක සේනා ආඥාපති රැස්ව සිටි පිරිස අමතමින්, භටපිරිස් අතර ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගැනීමේ වැදගත්කම සහ වටිනාකම අවධාරණය කළේය. එමෙන්ම, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සහ ‘රටම එකට’ ව්‍යාපෘති වැනි ජාතික වැඩසටහන් සඳහා සහාය දැක්වීමේදී යුද්ධ හමුදාවේ කාර්යභාරය පිළිබඳව පෙන්වා දෙමින්, යුද්ධ හමුදාවේ පොදු අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා සාමූහිකව කටයුතු කරන ලෙස ඔහු සියලු නිලයන් දිරිමත් කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.