ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත ගෞරවාචාරය

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc, 2026 අප්‍රේල් මස 03 වන දින එම ධූරයෙන් නික්ම යාම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී හමුදා සම්ප්‍රදායානුකූලව උත්සවයක් පවත්වනු ලැබීය.

මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී එම මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් එම්.එච්.ආර්. ප්‍රනාන්දු RWP RSP USP විසින් පිළිගන්නා ලද අතර, පසුව, 5 වන ශ්‍රී ලංකා සේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.