ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ආරක්ෂක සේනා ආඥාපති - යාපනය හමුවෙයි

කොළඹ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඇන්ජලික් ඇපෙයිරොක්ස් මහත්මිය 2026 අප්‍රේල් 08 දින ආරක්ෂක සේනා මූලස්ථාන -යාපනය සංචාරයක නිරත වූවාය.

මූලස්ථානය වෙත පැමිණි ඇයව, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න RWP RSP ndu විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම හමුවේදී දෙපාර්ශවය අතර පොදු වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.

සංචාරය අවසානයේදී, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරු කරගත් අතර, ඇය විශේෂ අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් ද තැබුවාය.