ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක වෙත එම බලකායේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කරනු ලැබූ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික psc ptsc, වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 අප්‍රේල් මස 04 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි නික්ම යන කර්නල් සේනාවිධායක වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. එමෙන්ම, රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙතද පුෂ්පෝපහාර දක්වන ලදී. පසුව, ඉංජිනේරු සේවා බලකායේ නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටිනු ලැබීය.

ඉන් අනතුරුව, සියලුම නිලයන් අමතා අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.