සිවිල් ක්‍රියාකාරකම්
බදුල්ල දිස්ත්‍රික්කයේ දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය මූලික බිම සකස් කිරීමේ කටයුතු කඩිනම් කරයි
දිවයින පුරා දැඩි විනාශයක් සිදු කළ 'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑම හේතුවෙන් පවුල් දහස් ගණනක් අවතැන් වූ අතර, නේවාසික දේපළ හා පොදු යටිතල පහසුකම්වලට ද විශාල හානියක් සිදු විය. මෙම මානුෂීය අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, බදුල්ල දිස්ත්‍රික්කයේ සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පැවරිණි. මෙම මහා පරිමාණ වැඩපිළිවෙළේ කොටසක් ලෙස, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි, දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09 නිවාස 466ක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය බිම් සකස් කිරීමේ කටයුතු සිදු කිරීම ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත පැවරී ඇත.
දඹුල්ල මූලික රෝහලේ පැවති රුධිර පරිත්‍යාග වැඩසටහනට යුද්ධ හමුදා භටපිරිස්හි සහාය
2026 මැයි මස 20 වන දින දඹුල්ල මූලික රෝහලේදී පැවති රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා 53 වන පාබල සේනාංකයේ සහ 19 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.
මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වහලය මතට කඩා වැටුණු ගසක අත්තක් යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉවත් කරයි
අධික වර්ෂාපතනය හේතුවෙන් 2026 මැයි මස 17 වන දින මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වහලය මතට කඩා වැටී තිබූ ගසක අත්තක් ඉවත් කිරීම සදහා 4 වන රෙජිමේන්තුව විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් යොදවන ලදී.
23 වන පාබල සේනාංකය මහජනතාව වෙත විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථානයක් විවෘත කරයි
හරිත සංචලතාවය සහ තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ අ රමුණින් 23 වන පාබල සේනාංකය විසින් මහජනතාවගේ භාවිතය සඳහා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථානයක් 2026 මැයි මස 13 වන දින විවෘත කරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් යාපනය ශික්‍ෂණ රෝහලේ ඇති වූ ගින්න නිවා දැමීමට සහාය ලබාදෙයි
යාපනය ශික්‍ෂණ රෝහලේ 2026 මැයි මස 09 වන දින අලුයම ඇති වූ ගින්න නිවා දැමීමට 512 පාබල බලසේනාවේ, 17 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ සහ 14 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සහාය ලබා දුන්හ.
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකර ලබාදෙයි
4 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් එම බලකායේ රාජකාරී කරනු ලබන සිවිල් සේවක ඒ.කේ. තමිත් මහතා වෙත ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර භාරදෙන ලදී.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී යුද්ධ හමුදා සාමාජිකයන් ලේ දන්දීමේ වැඩසටහන් පවත්වයි
ත්‍රිකුණාමලය රුධිර බැංකුව කළ ඉල්ලීමකට අනුව, 223 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ටී.අයි. ගුණවර්ධන RSP psc මගපෙන්වීම යටතේ, එම බලසේනාවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2026 අප්‍රේල් මස 29 දින මූතූර් සංස්කෘතික ශාලාවේදී පවත්වන ලදී. ත්‍රිකුණාමලය රුධිර බැංකුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
යුද්ධ හමුදා භට පිරිස් වෙතින් රජයේ ශාන්ති වැඩිහිටි නිවාසයේදී දානමය පින්කමක්
ගුවන් සංක්‍රමික බලසේනාවේ 32 වන සංවත්සරයට සමගාමීව, එම බලසේනාවේ භට පිරිස් විසින් සාලියපුර පිහිටි රජයේ ශාන්ති වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 260 දෙනෙකු වෙනුවෙන් 2026 අප්‍රේල් මස 30 දින දානමය පින්කමක් පවත්වන ලදී.
යුද්ධ හමුදා භට පිරිස් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
බදුල්ල ශික්ෂණ රෝහලේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය කළ ඉල්ලීමකට අනුව, ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක USP මඟපෙන්වීම යටතේ, ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යමට අයත් භට පිරිස් විසින් 2026 අප්‍රේල් මස 22 දින දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේදී රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් පූනානි ප්‍රදේශයේ වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.පී.පී. කුලතිලක ndc ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2026 අප්‍රේල් මස 20 වන දින පූනානි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පුනානි, පංච මහා විහාරස්ථානයේදී පවත්වන ලදී.