නවතම තොරතුරු

සිවිල් ක්‍රියාකාරකම්

නුවරඑළිය වසන්ත මල් දැක්ම - 2026, තරඟයේදී යුද්ධ හමුදා භටපිරිස් සිය දක්‍ෂතා දක්වයි

2026-04-21
නුවරඑළිය වසන්ත මල් දැක්ම - 2026, තරඟයේදී යුද්ධ හමුදා භටපිරිස් සිය දක්‍

නුවරඑළිය වසන්ත මල් දැක්ම - 2026, තරඟය 2026 අප්‍රේල් මස 17 දින සිට 18 දින දක්වා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වික්ටෝරියා උද්‍යානයේදී පැවැත්විණි.

තව කියවන්න

යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

2026-04-17
යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

6 වන ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය මහ රෝහලේ රුධිර පාරවිලයන ඒකකය සමඟ එක්ව 2026 මාර්තු මස 28 වන දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.

තව කියවන්න

අම්පාර මහ රෝහලේ පැවැති ලේ දන්දීමේ වැඩසටහනකට යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් එක්වෙයි

2026-04-10
අම්පාර මහ රෝහලේ පැවැති ලේ දන්දීමේ වැඩසටහනකට යුද්ධ හමුදා සාමාජිකයන් පිර

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර RWP RSP USP ndu psc ගේ මඟපෙන්වීම යටතේ, එම සේනාංකයේ භටපිරිස් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී වූහ. 2026 අප්‍රේල් මස 06 දින අම්පාර මහා රෝහලේදී පැවැත්වුණු මෙම වැඩසටහන එම රෝහලේ රුධිර බැංකුව විසින් සංවිධානය කරන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදා භටපිරිස් විසින් දළුකාන ප්‍රදේශයේදී වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි

2026-04-10
යුද්ධ හමුදා භටපිරිස් විසින් දළුකාන ප්‍රදේශයේදී වියළි සලාක පාර්සල් පරිත

12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2026 අප්‍රේල් මස 06 දින දළුකාන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 80ක් සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදා භට පිරිස් වෙරුගල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නිවසක් ඉදිකර දෙති

2026-04-08
යුද්ධ හමුදා භට පිරිස් වෙරුගල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා

9 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වෙරුගල්, මුතුර්වාරම් ප්‍රදේශයේ පදිංචි නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවස 2026 අප්‍රේල් මස 06 දින උත්සවාකාරයෙන් එම ප්‍රතිලාභීන් වෙත පවරා දෙන ලදී.

තව කියවන්න

561 පාබල බලසේනාවේ භටපිරිස් නෙදුන්කේනි රෝහලට ඇතිවූ ගංවතුර තත්ත්වයට කඩිනම් ප්‍රතිචාර දක්වයි

2026-04-05
561 පාබල බලසේනාවේ භටපිරිස් නෙදුන්කේනි රෝහලට ඇතිවූ ගංවතුර තත්ත්වයට කඩින

561 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි නෙදුන්කේනි රෝහලට 2026 අප්‍රේල් මස 03 වන දින බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවශ්‍ය ආපදා සහන සේවා කටයුතු සඳහා එම බලසේනාවේ භටපිරිස් කඩිනමින් කටයුතු කරනු ලැබීය.

තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

2026-03-23
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

යාපනය ශික්‍ෂණ රෝහලේ රුධිර බැංකුවේ ඉල්ලීමකට අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc ගේ මඟ පෙන්වීම යටතේ යාපනය හෙද පුහුණු පාසලේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

තව කියවන්න

නාමල් වැව ප්‍රාථමික විදුහලේදී යුද්ධ හමුදා භටපිරිස් විසින් සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වයි

2026-03-09
නාමල් වැව ප්‍රාථමික විදුහලේදී යුද්ධ හමුදා භටපිරිස් විසින් සමාජ සත්කාරක

3 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් 2026 මාර්තු 04 වන දින පොළොන්නරුව, නාමල් වැව ප්‍රාථමික විදුහලේ සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා වෛද්‍ය කඳවුරක් එම පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදා භටපිරිස් මන්නාරම ප්‍රදේශයේදී වෛද්‍ය සායනයක් පවත්වයි

2026-03-07
යුද්ධ හමුදා භටපිරිස් මන්නාරම ප්‍රදේශයේදී වෛද්‍ය සායනයක් පවත්වයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, 54 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් නානාට්ටන් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සමඟින් එක්ව 2026 මාර්තු මස 04 වන දින මන්නාරම, මඩුක්කරෛයි රජයේ දමිළ මිශ්‍ර පාසලේදී දන්ත සායනයක් සහ බෝ නොවන රෝග සායනයක් පවත්වන ලදී.

තව කියවන්න

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පැවති ‘ජන සුව යාත්‍රා’ වැඩසටහනට යුද්ධ හමුදා භටපිරිස් සහාය

2026-03-06
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පැවති ‘ජන සුව යාත්‍රා’ වැඩසටහනට යුද්ධ හමුදා භ

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති අතිපූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ 59 වන ජන්ම සංවත්සරයට සමගාමීව 2026 පෙබරවාරි මස 28 වන දින ආරණ්‍ය සේනාසනයේදී කොළඹ කාන්තා සංවිධානය සහ සුප්‍රීම් මාධ්‍ය ආයතනය සමඟ එක්ව ‘ජන සුව යාත්‍රා’ සමාජ සුභසාධන වැඩසටහනක් පවත්වන ලදී.

තව කියවන්න