ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී යුද්ධ හමුදා සාමාජිකයන් ලේ දන්දීමේ වැඩසටහන් පවත්වයි
ත්‍රිකුණාමලය රුධිර බැංකුව කළ ඉල්ලීමකට අනුව, 223 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ටී.අයි. ගුණවර්ධන RSP psc මගපෙන්වීම යටතේ, එම බලසේනාවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2026 අප්‍රේල් මස 29 දින මූතූර් සංස්කෘතික ශාලාවේදී පවත්වන ලදී. ත්‍රිකුණාමලය රුධිර බැංකුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
එමෙන්ම, එදින පුල්මුඩේ පිහිටි 20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ කඳවුරු පරිශ්‍රයේදී තවත් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී. පදවිය රුධිර බැංකුවේ වෛද්‍ය කණ්ඩායමේ සහයෝගය ඇතිව, 20 වන බලඇණි ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා, නාවික හමුදා, පොලිස් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් සහභාගී වූහ.