සිවිල් ක්‍රියාකාරකම්
යුද්ධ හමුදා භටපිරිස් විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙයි
22 පාබල සේනාංකයේ අධීක්‍ෂණය යටතේ 2(ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී.
51 පාබල සේනාංකයේ භටපිරිස් නල්ලූර්, කන්දස්වාමි කෝවිල් පරිශ්‍රයේදී බැතිමතුන් වෙත කිරි තේ බෙදා දෙයි
51 පාබල සේනාංකයේ භටපිරිස් විසින් Pure Dale Ceylon Ltd සහ Richlife Dairy Ltd යන ආයතනයන්හි සහාය ඇතිව 2025 අගෝස්තු මස 20 දින සිට 22 දින දක්වා නල්ලූර් හි කන්දස්වාමි කෝවිල් පරිශ්‍රයේදී බැතිමතුන් වෙත කිරි තේ කෝප්ප 51,000 ක් බෙදා දෙන ලදී.
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම වෙතින් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට උපකාර කිරීමේ අරමුණින් 2025 අගෝස්තු මස 22 දින බණ්ඩාරවෙල, ශ්‍රී මලියදේව විද්‍යාලයේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
යුද්ධ හමුදාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්
ඉන්දි පදනමේ අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත, පිළිකා රෝගයෙන් පෙළෙන එම පදනමේ දරුවන් පිරිසක් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 2025 අගෝස්තු මස 23 දින රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලදී.
58 පාබල සේනාංකයෙන් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්
58 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2025 අගෝස්තු මස 07 දින පුත්තලම, මොරපතාව පාසලේදී කටුපුලියන් ප්‍රාථමික පාසලේ සහ මොරපතාව පාසලේ ළමුන් 51 දෙනෙකු වෙත පොත් සහ පාසල් උපකරණ බෙදා දීමේ පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
15 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි
51 පාබල සේනාංකයේ මඟපෙන්වීම මත 511 පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 15 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 අගෝස්තු මස 08 දින මයිලන්කාඩු, ඒලාලෙයි (දකුණ) ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම් ලාභී නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි
9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සේරුවිල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරන ලදී.
12 බලඇණිය ගැමුණු හේවා බලකාය පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි
12 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් 2025 අගෝස්තු මස 11 දින දලුකන, ග්‍රාම නිලධාරි කාර්යාලයේදී ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 80 ක් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
24 පාබල සේනාංකයෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්
24 පාබල සේනාංකය විසින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීමේ අරමුණින් 2025 අගෝස්තු මස 10 දින එම සේනාංක මූලස්ථානයේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් පවත්වන ලදී.
බලංගොඩ ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ සහාය*
2025 අගෝස්තු මස 08 දින බලංගොඩ, ඉඹුල්පේ, හල්පේ ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීම සඳහා 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව කඩිනමින් කටයුතු කරනු ලැබීය.