සිවිල් ක්‍රියාකාරකම්
යුද්ධ හමුදා භටපිරිස් විසින් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි
අනුරාධපුර, අශෝක කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සහ සියඹලාගස්වැව, පෙර පාසලේ දරුවන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 04 වන දින තන්තිරිමලේ, අශෝක කනිෂ්ඨ විද්‍යාලයේදී සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් අටඹගස්කඩ විහාරස්ථානයේ දී වියළි ආහාර සලාක බෙදා හැරීමේ වැඩසටහනක් සංවිධානය කරයි
යුද්ධ හමුදා භටපිරිස් විසින් 2026 ජනවාරි මස 03 දින අටඹගස්කඩ, ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී එම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් වියළි ආහාර සලාක බෙදා දීමේ වැඩසටහනක්
යුද්ධ හමුදා භටපිරිස් විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට මෑතකදී බලපෑ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් 100 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී.
යුද්ධ හමුදා භට පිරිස් ලුණුගම්වෙහෙරදී පාසල් උපකරණ බෙදාදෙයි
2026 නව පාසල් වර්ෂය සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා භටපිරිස් විසින් 2026 ජනවාරි මස 03 දින පවත්වන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් කරෙයිනගර්හි සිසුන්ට පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පවත්වයි
කරෙයිනගර්, ප්‍රදේශයේ තෝරාගත් පාසල් 11 කින් සිසුන් 120 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා භටපිරිස් විසින් කරෙයිනගර් සංස්කෘතික ශාලාවේදී 2026 ජනවාරි මස 04 දින පවත්වන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් මනම්පිටියේ පාසල් සිසුන්ට පාසල් උපකරණ බෙදා දෙයි
දිඹුලාගල, මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි මනම්පිටිය සිංහල මහා විද්‍යාලය සහ මනම්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා භට පිරිස් විසින් 2026 ජනවාරි මස 03 දින පවත්වන ලදී.
යුද්ධ හමුදාව ඉරුපාලෙයි මව් තෙරේසා වැඩිහිටි නිවාසයේදී නත්තල් වැඩසටහනක් පවත්වයි
සමාජ සහජීවනය ශක්තිමත් කිරීම සහ මානුෂීය වටිනාකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, 51 පාබල සේනාංකය විසින් 2025 දෙසැම්බර් මස 25 දින නත්තල් දිනයේදී කෝපායි, ඉරුපාලෙයි හි පිහිටි මව් තෙරේසා වැඩිහිටි නිවාසයේදී විශේෂ දානමය පිංකමක් පවත්වන ලදී.
මඩකලපුව සිවිල් සමාජ කමිටුව පුනානි, ජාත්‍යන්තර විද්‍යා හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලයේදී සහතිකපත් ප්‍රදානෝත්සවයක් පවත්වයි
මඩකලපුව සිවිල් සමාජ කමිටුව විසින් මාස 12 ක කාල සීමාවක් පැවති ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව නිම කරන ලද සිසුන් 200 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක්, 2025 දෙසැම්බර් මස 28 වන දින පුනානි හි පිහිටි ජාත්‍යන්තර විද්‍යා හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්
56 වන පාබල සේනාංකය විසින් 2025 දෙසැම්බර් මස 24 වන දින නෙදුන්කුලම, ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 45 දෙනෙකු වෙත සහ කොක්වේලිය, ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 11 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් සම්බන්ධිකරණයෙන් කළුකැලේ, විජය පරාක්‍රම කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 27 වන දින පවත්වන ලදී.